බද්දෙගම දී ලොරි රථයක් සහ යතුරුපැදි දෙකක් ගැටීමෙන් ඊයේ (06) රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් යතුරුපැදියක ගමන්ගත් එක් පුද්ගලයෙකු මියගොස් තවත් තිදෙනකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසයි.
අනතුරින් තුවාල ලබා සිටි තුවාලකරුවන් බද්දේගම රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු බරපතළ තත්ත්වයේ සිටි ඔවුන් කරාපිටිය රෝහල වෙත මාරු කර යවා ඇත
මෙම අනතුරින් මියගොස් ඇත්තේ අම්පෙගම පදිංචි 32 හැවිරිදි තරුණයෙකි.
ලොරි රථය අම්පේගම දෙස සිට බද්දේගම දෙසට ගමන් කරමින් තිබී ඇති අතර, යතුරුපැදි බද්දෙගම දෙස සිට අම්පෙගම දෙසට ගමන් කරමින් තිබියදී එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙන බව පොලිසිය පවසයි.
අනතුරට පත් ලොරි රථයේ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර බද්දේගම පොලිසිය රිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙනයනු ලබයි.