ලංකා විදුලිබල මණ්ඩලය (CEB) ප්‍රතිව්‍යුහගත කිරිමට කැබිනට් අනුමැතිය

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට ගෙන ආ කමිටු යෝජනාවලියට කැබිනට් අනුමැතිය හිමිව තිබෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා Twitter පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමට පත් කරන ලද කමිටුව විසින් ලබා දුන් යෝජනාවලිය අද (28) විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව එම යෝජනාවලියට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දුන් බව එම Twitter පණිවුඩයේ සදහන්ය.

ලබා දුන් නිර්දේශ අනුව විදුලි බල මණ්ඩල ප්‍රතිව්‍යූහගත පනත මසක් තුළ සකස් කිරීමට සහ එම ප්‍රතිව්‍යූහගත ක්‍රියාවලිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ කටයුතු හෙට සිට ක්‍රියාත්මක වන බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

Werzuo Digital

Leave a Reply