පාසල් සිසුවෙකුට භූමිතෙල් දමා ගිනි තබා තුවාල කිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ඇති බව මහනුවර පොලිසිය පවසයි.
මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉහළ ප්‍රතිඵල ලැබූ අදාළ සිසුවා මහනුවර අම්පිටිය ප්‍රදේශයේ පදිංචි අයෙකු බවත්, විභාග ප්‍රතිඵල දැනුම්දීම සඳහා පසුගිය සෙනසුරාදා රාත්‍රී ඥාති නිවසකට ගොස් යළි පැමිණෙමින් සිටියදී තවත් පුද්ගලයෙකු සමග බහින් බස් වීමක් සිදුව තිබේ.එහිදී අදාළ පුද්ගලයා විසින් සිසුවා වෙත භූමිතෙල් වත්කර ගිනි තැබීම සිදුකර ඇති බව පොලිසිය පවසයි.
ගින්නෙන් සිසුවාගේ ශරීරයේ හිසට පහළින් කොටස් පිළිස්සීමට ලක්ව මහනුවර මහ රෝහලට ඇතුළත් කර තිබේ.
සිද්ධියට සම්බන්ධ සැකකරු දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙකු සහ කොල්ලකෑම් චෝදනා එල්ල වූ අයෙකු බවට අනාවරණය වි ඇති බව පොලීසිය පවසයි.