රත්නපුර මහලු මවක් මහමඟ දමා යයි

රත්නපුර නගරයේ යම් ස්ථානයකදී ත්‍රීරෝද රථයකින් මහලු මවක් රැගෙන විත් මාර්ගයක් අසල ඇයව දමා ඔවුන් පැමිණි ත්‍රීරෝද රථයෙන් පළාගොස් තිබෙන බව රත්නපුර පොලිසිය පවසයි.

පසුව රත්නපුර පොලීසිය විසින් ඇයව රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබෙන අතර ඇය මේ වනවිට කලවාන වැඩිහිටි නිවාසයකට භාරදී තිබෙන බවද පොලිසිය පවසයි.

මහලු මව මහමඟ දමා යන ආකාරය අසල තිබූ CCTV කැමරාවක සටහන්වී තිබේ.

මහලු මවව මහමඟ දමාගිය පුද්ගලයා ගැන යම් තොරතුරක් දන්නේ නම් රත්නපුර පොලීසියට දැනුම්දෙන ලෙස රත්නපුර පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටි

Werzuo Digital

Leave a Reply