ලබන වසරේ කුකුළු මස් – බිත්තර කාලා හමාරයි ?

විදේශ විනිමය හිඟය නිසා මව්සතුන් ආනයනය කිරිම අවම වීම හේතුවෙන් ලබන වසරේ දී කුකුළු මස් හා බිත්තර නිෂ්පාදනය ගැටළුකාරී විය හැකි බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලෝක බිත්තර දිනය සමරමින්  අගුණකොළපැලැස්ස පුරහලේ පැවැති ජාතික  වැඩසටහනකට එක් වෙමින් ප්‍රකාශ කර තිබේ

ශ්‍රී ලංකා කුකුළු නිෂ්පාදන කර්මාන්තකරුවන්ගේ සංගමය සංවිධානය කර තිබු අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා.

2021 වසරේ දී මෙරටට කුකුළු පැටවුන් බෝ කිරීම සඳහා අවශ්‍ය මව්සතුන් 80,000ක් ආනයනය කර තිබෙන නමුත් මේ වසරේ දී විදේශ විනිමය හිඟය හා ඉන්දියාව වැනි රටවල් මව්සතුන් අපනයනය කිරීම අත්හිටුවීම හේතුවෙන් 2022 වසරේ දී මව්සතුන් මෙරටට ආනයනය කිරීම 7000 දක්වා අවම වී තිබෙන බව අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

එම ගැටළුවත්, සත්ව අහාර හිඟයත් නිසා ලබන වසරේ දී මෙරට බිත්තර කර්මාන්තයට මෙන්ම කුකුළු මස් නිෂ්පාදනය ඉතාමත් ගැටළුකාරී විය හැකි බව පෙනී යන බව කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කර තිබේ. 

Werzuo Digital

Leave a Reply