ගාල්ල දිස්ත්‍රික් සාහිත්‍ය උළෙල “පවුරු කැට බිත 2022”

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා දිස්ත්‍රික් සංස්කෘතික බල මණ්ඩලය ඒකාබද්ධව වාර්ෂිකව පවත්වනු ලබන ගාල්ල දිස්ත්‍රික් සාහිත්‍ය කලා මහෝත්සවය මෙවර ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පසුගියදා (12) දින පැවැත්විණි.

එහිදී පාසල් සහ විවෘත අංශයේ දිස්ත්‍රික් මට්ටමින් සාහිත්‍ය තරග ජයග්‍රහණය ලද ජයග්‍රාකයින් වෙත ත්‍යාග සහ සහතිකපත් පිරිනැමීම සිදුවිය.

ප්‍රවීණ ලේඛක, දේශක චූලානන්ද සමරනායක මහතා විසින් “නිවුණු, හැදුණු පිරුණු සොඳුරු මිනිසුන් පිරි පින්බර දේශයක් එක්ව ගොඩනගමු” යන තේමාව ඔස්සේ සාහිත්‍ය දේශනයක් පවත්වන ලදි

මෙහිදී කලා අංග රැසක් කලායතන සිසු දරු දැරියන් විසින් වේදිකාගත කෙරුනු අතර මෙම උත්සවය සදහා කලාකරුවන්, රාජ්‍ය නිලධාරීන්, පාසල් දරැ දැරියන් සහ දෙමාපියන් ඇතුළු පිරිසක් සහභාගී විය.

ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සංස්කෘතික කටයුතු අංශය විසින් මෙම උත්සවය සංවිධානය කර තිබුණි.

Werzuo Digital

Leave a Reply