අහංගම නගරයේ පිහිටි පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකට ඊයේ (18) රාත්‍රියේ පැමිණි නාදුනන පුද්ගලයකු විසින් පිහියක් පෙන්වා එහි සිටි වෛද්‍යවරයාගේ රුපියල් 15000ක මුදලක් සහ එහි සේවය කල සහායක කාන්තාවකගේ පවුමක් පමණ බර ගෙල බැඳි රන් මාලය කොල්ලා කා පලාගොස් ඇතැයි අහංගම පොලිසිය පවසයි.
මුදල් කොල්ලකෑමට උත්සාහ කිරිමේ දි වෛද්‍යවරයා විසින් එම පුද්ගලයාගේ අතින් අල්ලාගෙන ඇති අතර එම අවස්ථාවේ දී සැකකරුගේ පිහිය වැදිම හේතුවෙන් වෛද්‍යවරයාගේ ඇඟිල්ලකට සුළු තුවාල සිදුව ඇති බවද පොලිසිය පවසයි.
සැකකරු අත්අඩංගුවට ගැනිම සදහා අහංගම පොලිසිය විසින් පරික්ෂණ පවත්වා ගෙනයනු ලබයි.