පැය 72ක් තුළ නෙළුම් කුළුණේ ආදායම රුපියල් මිලියන 7.5ක්

නෙළුම් කුළුණ ජනතාවට විවෘත කිරීමෙන් දින 3ක් තුළ රුපියල් මිලියන 7.5 ක ආදායමක් උපයා තිබෙන අතර එම කාලසීමාව තුළ පුද්ගලයින් 14,000ක් පමණ කුළුණ නැරඹීමට පැමිණ ඇති බව නෙළුම් කුළුණ පෞද්ගලික සමාගමේ ප්‍රධාන පරිපාලක නිලධාරී විශ්‍රාමික මේජර් ජෙනරල් ප්‍රසාද් සමරසිංහ මහතා සඳහන් කළේය.

නෙළුම් කුළුණ නැරඹීම සඳහා ජනතාවට ලබාදුන් කාලසීමාව ද ඊයේ (17) සිට දීර්ඝ කර තිබේ.ඒ අනුව දහවල් 12.00 සිට රාත්‍රි 11.00 දක්වා එය නැරඹිය හැකි අතර නමුත් ප්‍රවේශ පත්‍ර නිකුත් කෙරෙන්නේ රාත්‍රී 10.00 දක්වා පමණක් බව, විශ්‍රාමික මේජර් ජෙනරල් ප්‍රසාද් සමරසිංහ මහතා සඳහන් කළේ ය. 

Werzuo Digital

Leave a Reply