මස් පිණිස ඉබ්බන් හතර දෙනෙකු රැගෙන යමින් සිටි පුද්ගලයෙකු ලබන 12 වන දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙසත් අත් අඩංගුවට ගත් ඉබ්බන් හතරදෙනා හික්කඩුව වනජීවි ඒකකයට භාර දෙන ලෙසත් ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ මෙනවිය ඊයේ (07) නියෝග කළේය
මෙසේ රිමාන්ඩ් කරනු ලැබුවේ අවුකන වලස්වැව පාර පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකි.
බෑගයක් කරේ එල්ලාගෙන සැකකරු ගාල්ල බස් නැවතුම්පොල දෙස සිට මහමෝදර දෙසට යමින් සිටියදි බෑගය ඇතුලේ යමක් දඟලනු දුටු කළුවැල්ල මාර්ග බාධකයේ රාජකාරියේ යෙදි සිටි පොලිස් නිලධාරින් සැකකරු නවතා බෑගය පරික්ෂා කිරිමේදි එහි ඉබ්බන් හතර දෙනෙකු සිටිනු දැක සැකකරු සහ ඉබ්බන් අත් අඩංගුවට ගත් බව පොලිසිය අධිකරණයට කියා සිටියේය.
ගාල්ල පොලිසියේ අපරාධ විමර්ශණ අංශය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණ ඉදිරිපත් කරන ලදී