හබරාදුවේ නිවසක සිටි විදේශිකයෙකු සියදිවි නසාගනි

හබරාදුව තල්පේ ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටි එංගලන්ත ජාතික විදේශිකයෙකුගේ සිරුරක් ඔහු රැදී සිටි කාමරයෙහි එල්ලෙමින් තිබියදී ඊයේ (06) රාත්‍රියේ සොයාගත් බව හබරාදුව පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ 55 හැවිරිදි එංගලන්ත ජාතිකයෙකි.

මොහු අදාල නිවසේ තනිව පදිංචිව සිට ඇති අතර නිවසේ හිමිකරු විසින් රාත්‍රි ආහාර රැගෙන පැමිණ අවස්ථාවේදි රෙදි පටියකින් ගෙල සිරකරගෙන සියදිවි හානි කරගෙන මියගොස් සිටියදි දැක පසුව පොලිසිය දැනුවත් කර ඇත.

මියගිය විදේශිකයාගේ පශ්චාත් මරණ පරික්ෂණය කරාපිටිය රෝහලේදි පැවැත්විමට නියමිතව තිබු අතර හබරාදුව පොලිසියවිසින් වැඩිදුර පරික්ෂණ පත්වා ගෙන යනු ලැබේ.

සියදිවි නසා ගැනීම් වලට පෙළඹීමට ඉඩ ඇති අය ඇතුළුව, ආතතිය, කළකිරීමෙන් සිටින හෝ බලාපොරොත්තු සුන්වීම් වැනි ඛේදනීය තත්ත්වයන්ට මුහුණ දෙන පුද්ගලයින්ට අවශ්‍ය වෙන මානසික සහනය අදාල පුද්ගලයන්ගේ සහ තොරතුරු වල රහස්‍යභාවය රකිමින් නොමිලේ උපදේශන සේවය සදහා අමතන්න

ශ්‍රී ලංකා සුමිත්‍රයෝ
උපදේශන සේවාව, “Say Yes To Life”
+94 112 682 535

Werzuo Digital

Leave a Reply