දික්වැල්ල මුහුදේ දියනෑමට ගිය රුහුණු සරසවි සිසුවා අතුරුදහන්

දික්වැල්ල, තලල්ල සීතගල්ල මුහුදු තටාංගයේ අද (02) සවස දිය නෑමට ගිය රුහුණ විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ පළමු වසරේ සිසුන් සිව් දෙනෙකු මුහුදේ ගසා ගෙන ගොස් සිසුවකු මුහුදේ අතුරුදන් වී තිදෙනෙකු දිවි බේරා ගෙන ඇති බව ගන්දර පොලීසිය පවසයි

මෙම අනතුරින් අතුරුදන් වී ඇත්තේ ඇත්තේ ගාල්ල තල්ගම්පල පදිංචි 22 හැවිරිදි සිසුවෙකි.

මෙම ස්වභාවික මුහුදු තටාංගයට සැඩ රල පහර ගලා ඒමත් සමග එම සිසුන් සිව් දෙනා මුහුදට විසි වී ගොස් තිබෙන අතර අනතුරට ලක්වු සිසුවකු සුළු වේලාවක දී දිවි බේරාගෙන තිබේ තවත් දෙදෙනෙකු අවට සිටි පිරිස විසින් බේරා ගෙන මාතර මහ රෝහල වෙත රැගෙන ගොස් තිබේ.

ගන්දර පොලීසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.

Werzuo Digital

Leave a Reply