මානසික ආතතිය අවම කරගැනීමට ඉකුත් 27දා දිඹුලාගල හඳපහන් විලේ ඔරු පැදීමට ගිය තරුණයන් පිරිසකගේ යතුරුපැදි 7ක ඉන්ධන ටැංකිවල බට ගලවා පෙට්රල් ලීටර් 20ක් පමණ සොරකම් කිරීමේ සිදුවීමක් අරලගංවිල පොලිස් බල ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
මෙලෙස පෙට්රල් සොරකම් කරගෙන තිබෙන්නේ දිඹුලාගල යක්කුරේ පදිංචි තරුණයන් පිරිසකගේ යතුරුපැදි හතකින් බව පොලිසිය පවසයි.