මෙරට නිවෙස්වල දරු ප්‍රසූත සිද්ධි ඉහළට

ගත වූ දින කිහිපය තුළ දිවයින පුරා නිවෙස්වල දී දරුවන් ප්‍රසූත කිරීමේ සිද්ධීන්වල ඉහළ යෑමක් වාර්තාවන බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය පවසයි.

ඉන්ධන අර්බුදය හමුවේ රෝහල් වෙත ළඟාවීමේ අපහසුතා මෙන්ම ආර්ථික දුෂ්කරතා හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බව එම සංගමය ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව පසුගිය දින දෙක තුළ නිකවැරටිය, පිටකෝට්ටේ සහ මෝදර ඇතුළු ප්‍රදේශ කිහිපයකින් එවැනි සිද්ධීන් වාර්තා වී තිබේ.

කෙසේ වෙතත් පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ සහාය සහිත ව එම ප්‍රසූත කිරීම් සිදු ව ඇති බැවින් දරුවන් සහ මව්වරුන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය ප්‍රකාශ කර තිබේ.

Werzuo Digital

Leave a Reply