අකුරැස්සේ දී පුද්ගලයෙකු ඝාතනය කර හිස නිල්වලා ගඟට විසි කරලා

අකුරැස්ස තිබ්බටුවාව ප්‍රදේශයේ නිවසකදී පුද්ගලයෙකු විසින් තියුණු ආයුදයකින් එල්ල කර පියා මරා මව සහ දියණියක බරපතල තුවාල කර ඇතැයි අකුරැස්ස පොලිසිය පවසයි. 

නිවසේදී පියාගේ ගෙළ කපා ඝාතනය කොට හිස නිල්වලා ගඟට විසි කර ඇතැයි ද ඔහුගේ බිරිය සහ දියණියට තියුණු ආයුදයකින් පහරදී ඇතැයි ද පොලිසිය පවසයි.  

මෙසේ ඝාතනය කොට ඇත්තේ අකුරැස්ස තිබ්බටුවාව, තලගස්ස, වලකඩවත්ත කළුගමහේන නිවසේ පදිංචි 69 හැවිරිදි පුද්ගලයෙකි.

කාලයක් තිස්සේ පවතින ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකරන්නට ඇතැයි පොලිසිය සැක කරන අතර සිද්ධියට සම්බන්ධ සැකකරු සොයා පොලිස් පරික්ෂණ ආරම්භ කර ඇත

Werzuo Digital

Leave a Reply