ලංගම ඩිපෝවෙන් දෙන තෙල් මදි – දකුණු පළාත් පෞද්ගලික බස් හිමියන්ගෙන් මැසිවිලි

පෞද්ගලික බස් සඳහා ශ්‍රී ලංගම ඩිපෝ මඟින් ඉන්ධන නිකුත් කරන ලෙසද රජය මඟින් දන්වා තිබුණද ඉන්ධන නිකුත් කරන්නේ ඉතා සීමිත පෞද්ගලික බස් සංඛ්‍යාවකට බව දකුණු පළාතේ බස් ධාවකයෝ පවසති.

දකුණු පළාතේ පෞද්ගලික බස් 900-950ක් අතර සංඛ්‍යාවක් ධාවනය වන අතර දකුණු පළාතේ ශ්‍රී ලංගම ඩිපෝ මඟින් ඉන්ධන නිකුත් කොට ඇත්තේ ඉන් සියයට දහයකටත් වඩා අඩු පෞද්ගලික බස් සංඛ්‍යාවකට බව පෞද්ගලික බස් ධාවකයෝ පවසති.

පසුගියදා (20) ගාල්ල දිස්ත්‍රික්කයේ පෞද්ගලික බස් 47ක්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ පෞද්ගලික බස් 67ක් සහ මාතර දිස්ත්‍රික්කයේ පෞද්ගලික බස් 50ක් සඳහා ශ්‍රී  ලංගම ඩිපෝ මඟින් ඉන්ධන නිකුත් කොට තිබිණි. ඇතැම් ශ්‍රී  ලංගම ඩිපෝ මඟින් ඉන්ධන නිකුත් කොට තිබුණේ පෞද්ගලික බස් 10කට 15කට අතර සංඛ්‍යාවකට බවද පෞද්ගලික බස් ධාවකයෝ පවසති.

ඇතැම් ශ්‍රී ලංගම ඩිපෝ මඟින් පෞද්ගලික බස් 5කට පමණ ඉන්ධන නිකුත් කොට තිබෙන බවද ඔවුන් පවසයි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ දකුණු පළාත් කාර්යාලයෙන් විමසිමේ දී ඔවුන් පැවසුවේ දකුණු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මඟින් ඉන්ධන ලබාදීම සඳහා ප්‍රමුඛත්වය ලබාදිය යුතු බස් පිළිබඳ ලේඛනයක් දෙන ලෙස අපි ඉල්ලා තිබෙන බවත් එම ප්‍රමුඛතා ලේඛනය අනුව සියලු පෞද්ගලික බස් සඳහා ඉන්ධන නිකුත් කරන බවය

Werzuo Digital

Leave a Reply