ලොව විශාලතම මිරිදිය මත්ස්‍යයෙකු කාම්බෝජයෙන්

ලොව විශාලතම ‘මිරිදිය මත්ස්‍යයා’ ලෙස සැලකෙන මීටර් 4 ක් දිග, කිලෝග්‍රෑම් 300 ක් බර මඩුවෙකු මීකොං ගංගාවෙන් හමුවී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මඩුවන් අයත් වන්නේ මත්ස්‍ය විශේෂ අතරට වන අතර, ලොව විශාලතම මිරිදිය මත්ස්‍යයන් ලෙස මෙම මඩුවන් සැලකෙන අතර මෙම මඩුවා හමුවී ඇත්තේ කාම්බෝජයේ ගැමියන් පිරිසකටය.

මිකොං ගංගාවෙන් හමුවුණු මෙම යෝධ මඩුවා අධ්‍යයනය කිරීමට විද්‍යාඥයන්ට ද අවස්ථාවක් ලැබුණු අතර, සත්වයාගේ සිරුරේ ඉලෙක්ට්‍රොනික උපාංගයක් සවි කර ඌ ආපසු ගංගාවට මුදා හැරීම සිදුවිය.

ඉලෙක්ට්‍රොනික උපාංගය හරහා මඩුවාගේ ජීවන රටාව ගැන අවබෝධයක් ලබා ගැනීම විද්‍යාඥයන්ගේ අරමුණ වී තිබේ. හමුවුණු මෙම යෝධ මඩුවා ගැහැනු සත්වයකු බව වාර්තාවේ.

Werzuo Digital

Leave a Reply