ඉන්ධන අර්බුදයත් සමග පා පැදි වලට ඉහළ ඉල්ලුමක්

ඉන්ධන හිඟයත් සමග පාපැදිවල ඉල්ලුම වැඩිවිමටත් පරණ පාපැදි අලුත් වැඩියා කර ගැනිම් වැඩි විමටත් පටන් ගෙන ඇත.බොහෝ අය තම නිවෙස්වල තිබු පරණ පාපැදි ගෙනැවිත් අලුත් වැඩියා කරවා ගැනිම නිසා බයිසිකල් අලුත් වැඩියා කරන ස්ථානද කාර්ය බහුල වි ඇත.

මේ අනුව ගාල්ල නගරයේ පා පැදි අලෙවි කරන වෙළඳසල්වල මේ දිනවල පා පැදි සඳහා ඉහළ ඉල්ලුමක් පවතින බව වෙළඳසැල් හිමියන් පවසයි. මේ අතර ජපානයෙන් ගෙන්වන ලද පාවිච්චි කරන ලද පාපැදියක් රුපියල් හතලිස් දහසකට පමණ අලෙවි වන බවද ජනතාව පවසයි.

තවද පා පැදි අළුත් වැඩියා කරන ස්ථානවල විශාල පිරිසක් සිය නිවෙස්වල තිබූ පැරණි පා පාපැදි අලුත් වැඩියා කර ගැනීම සඳහා පැමිණ සිටින අයුරුද දැක ගන්නට ලැබින.

Werzuo Digital

Leave a Reply