තොග කඩයක ගබඩාවකට බඩුබාමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි තරුණයන් දෙදෙනෙකු එහි තිබූ කිලෝ 25ක මයිසූර් පරිප්පු ගෝනි දෙකක් රැගෙන ගිය පුවතක් ඇල්පිටිය කහදූව පිනිකහන ප්‍රදේශයෙන් ඉකුත් දා වාර්තා විය
එම තොග කඩය මීට මාස කීපයකට පෙර එම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් අලුතින් ආරම්භ කර ඇති අතර ඒ ආසන්නයේම එහි තොග ගබඩාව පිහිටා ඇත.
එම වෙළඳ සැලේ අලෙවිය සඳහා ලොරි රථයෙන් රැගෙන ආ පරිප්පු, සීනි, සහල් ඇතුළු වෙනත් ආහාර ද්‍රව්‍ය අඩංගු ගෝනිමලු එහි සේවකයන් දෙදෙනෙකු ලොරියෙන් බාමින් සිටියදී වෙළඳසලේ අයිතිකරු ඒ ආසන්න ම වෙනත් වෙනත් වැඩක යෙදී සිට ඇත.
එම අවස්ථාවේ තරුණයන් දෙදෙනකු යතුරු පැදියකින් පැමිණ එකවරම ගොස් එහි වූ කිලෝ 50 ක පරිප්පු මිටියක් ඔසවා ගෙන එය යතුරුපැදියේ තබාගෙන පලාගොස් ඇත
ආරක්ෂක හිස් වැසුම් හා මුව ආවරණ පැළඳ සිටි නිසා ඔවුන් කවුද එහි සිටි කිසිවෙක් හඳුනාගෙන නැත
රටේ අද පවතින තත්ත්වයත් සමඟ මෙවැනි දේ සිදු වීම අරුමයක් නොවන බව එහි සිටි අය ප්‍රකාශ කර ඇති අතර කොල්ලකාගෙන ගිය දේ ගැන සොයනවාට වඩා තියෙන දේ රැකගෙන ඉන්න එක හොඳ යැයි කියු ව්‍යාපාරිකයා මේ ගැන පොලීසියට පැමිණිල්ලක් සිදුකර නැත
ලංකාදීප