ලංකාවේ මේ වසරේ මුල් මාස පහක කාලය තුළ පුද්ගලයන් දෙලක්ෂ අසු අටදහස් හයසිය හතලිස් පස් දෙනකු විදෙස් ගමන් බලපත්‍ර සකස් කරගෙන ඇතැයි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය ආගමන විගමන පාලක පියුමි බණ්ඩාර පැවසුවාය
පසුගිය 2021 වසරේදීම නිකුත් කර ඇත්තේ විදෙස් ගමන් බලපත්‍ර තුන් ලක්ෂ අසූ දෙදහස් පන්සිය හයක් බවද බව ද ඇය කියා සිටියා
රට තුල පවතින ආර්ථික අර්බුදය හමුවේ බොහෝ පිරිසක් විදෙස්ගත රැකියා සඳහා යොමුව තිබෙන බවත් මේ හේතුවෙන් වැඩි පිරිසක් ගුවන් ගමන් බලපත්‍ර සකස් කර ගැනීමට යොමු තිබෙන බවත් මේ හේතුවෙන් දැඩි කාර්යබහුලත්වයක් පවතින බවත් මාධ්‍ය ප්‍රකාශිකාව සදහන් කළාය
මේ වසරේ ජනවාරි මාසයේදී බලපත්‍ර 52,278ක්, පෙබරවාරි මාසයේදී 55,381ක්, මාර්තු මාසයේදී 74,890ක්, අප්‍රේල් මාසයේදී 53,151 ක් සහ මැයි මාසයේදී 52,945ක් වශයෙන් විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කර තිබේ.
එක් දින සේවා මගින් විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේදී කටයුතු බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේ දී පමණක් සිදුවන අතර සාමාන්‍ය සේවා යටතේ විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීමට අවශ්‍ය ලේඛන ප්‍රධාන කාර්යාලයට අමතරව මාතර කුරුණෑගල මහනුවර සහ වව්නියාව කාර්යාල වෙත ලබාදිය හැකි බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පැවසීය.