බණ්ඩාරගම, අටුලුගම ප්රදේශයේ 09 හැවිරිදි දැරිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටින සැකකරු අද (01) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු තවදුරටත් ජුනි 09 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස පානදුර ප්රධාන මහේස්ත්රාත් ජයරුවන් දිසානායක මහතා නියෝග කලේය.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතකෙරුනේ බණ්ඩාරගම, අටුළුගම මුස්ලිම් කොලනිය ප්රදේශයේ පදිංචි මොහොමඩ් ෆාරුක් මොහොමඩ් නමැති 29 හැවිරිදි පුද්ගලයෙකි.
ඉකුත් මැයි 27 දා බණ්ඩාරගම, අටුළුගම ප්රදේශයේ පදිංචිව සිටී මොහොමඩ් අක්රම් ෆාතිමා අයේෂා නමැති 9 හැවිරිදි දැරිය ඝාතනයට ලක්වීම සම්බන්ධයෙන් සැකපිට පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන පානදුර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කොට අද (01) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර නැවත ප්රධාන මහේස්ත්රාත් හමුවට ඉදිරිපත් කල අවස්ථාවේ ප්රධාන මහේස්ත්රාත්වරයා මෙසේ යලි රිමාන්ඩ් කිරිමට නියෝග කර ඇත.
පෙරදින අධිකරණයට ඉදිරිපත් කල සැකකරු විසින් පෞද්ගලික ප්රකාශයක් ලබාදීමට අවසර ඉල්ලා සිටීමෙන් පසු අද (01) ඔහු ගරු ප්රධාන මහේස්ත්රාත් වරයාගේ නිළ මැදිරියට කැදවා තිබුණි.
නඩුව ලබන ජුනි 09 දා යලි නැවත කැදවීමට නියමිතයි