මන්නාරම උයිලන්කුලම ප්‍රදේශයේදී මෝටර් රථයකින් ගමන් කරමින් සිටි සිව් දෙනෙකු අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කර තිබෙන අතර පසුව ඉන් දෙදෙනකු මියගොස් ඇති බව පොලිසිය පවසයි
මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ 26 සහ 34 හැවිරිදි වියේ පසුවන තලෛයිමන්නාරම හා පේසාලේ ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර සිදුකල පශ්වාත් මරණ පරික්ෂණයේදී මොවුන් දෙදෙනා අධික ලෙස මත්පැන් සහ මත්ද්‍රව්‍ය පානය කිරිම නිසා මිය ගොස් ඇති බවට අනාවරණය වී තිබෙන බවද පොලිසිය පවසයි.
ඊයේ මෙම පිරිස තලෙයිමන්නාරම ප්‍රදේශයේ මිතුරෙකුගේ නිවසට ගොස් සාදයකට සහභාගි වී මීගමුව දක්වා යමින් සිටියදී මෙලෙස අසනීප වී ඇති බවත් අනෙක් දෙදෙනාගෙන් ඒ සම්බන්ධයෙන් සිදුකළ ප්‍රශ්න කිරිම් වලදි හෙළි වු බවද පොලිසිය ප්‍රකාශ කර ඇත.