සියලුම මන්ත්‍රීවරුන් ඉල්ලා අස්වි පාර්ලිමේන්තුව විසිරුවා හරින්න

රටේ වත්මන් අර්බුදවලට විසඳුම පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන් ඉල්ලා අස් වී මැතිවරණයකට යාම බව ද්‍රවිඩ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් ප්‍රකාශ කර ඇත.

ඊයේ (29) යාපනයේ පැවති මාධ්‍ය හමුවක් අතර ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

රටේ බහුතර ජනතාව ජනාධිපතිවරයාත්වත් වත්මන් අග්‍රාමාත්‍යවරයාවත් ප්‍රතික්ෂේප කරන පසුබිමක තවදුරටත් ඔවුන් එම තනතුරුවල ඉඳිමින් රට ගොඩ නැගීමට දරණ සියලු ම උත්සහයන් පලක් නොමැති බවත් ඔහු ප්‍රකාශ කර ඇත. වර්තමාන ආණ්ඩුව ආණ්ඩුවක් ලෙස පිළිගත නොහැකි බවත්, එය එසේ පිළිගැනීමට කිසි ම හේතු සාධකයක් නොමැති බව ද ඔහු ප්‍රකාශ කර ඇත.

එමෙන් ම වත්මන් ආණ්ඩුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ආණ්ඩුවක් බවත්, එබැවින් වහා ම ආණ්ඩුව විසිරුවා හැරිය යුතු බවත් මන්ත්‍රීවරයා සඳහන් කළා.

තව ද මහජන විරෝධය මධ්‍යයේ වුව ද සිදුව ඇති එක ම දේ නම් මහින්ද රාජපක්ෂ ගේ අගමැති පුටුවේ රනිල් වික්‍රමසිංහ වාඩි වීම පමණක් බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

එමන් ම ජනතාව භාණ්ඩ මිල ඉහළ යාම, ඉන්ධන හිඟය, ගෑස් හිඟය ආදිය වැනි තත්ත්වයක් උද්ගත වීම නිසා නව රජයක් ඉල්ලා සිටින බවද මන්ත්‍රීවරයා වැඩි දුරටත් සඳහන් කළා.

Werzuo Digital

Leave a Reply