ඝාතනයට ලක් වූ බණ්ඩාරගම – අටළුගම 09 හැවිරිදි දැරිවියගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට දෙදෙනකු පොලිස් භාරයට ගෙන තිබේ
ඉන් එක් සැකකරුවෙකු කීරකොටුකාරයෙකු වන අතර කීර කොටුවට අල්ලපු ඉඩම ඝාතනයට ලක් වූ දැරිවියගේ මෘත ශරීරය හමු වූ වගුරු බිම බව ද පොලිසිය පවසයි
ඒ අනුව මෙම දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ප්‍රශ්න කිරීම සඳහා ප්‍රදේශයේ එළවළු කොරටුවක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු සහ තවත් අයෙකු පොලිස් භාරයට ගෙන ඇති බවද පොලිසිය ප්‍රකාශ කළා
මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ තවත් පොලිස් කණ්ඩායම් 5ක් ඒකාබද්ධව දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන ආරම්භ කර තිබේ..
ඒ අනුව ප්‍රදේශයේ සී.සී.ටී.වී. දර්ශන මෙන්ම මත්ද්‍රව්‍යවලට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳව ද අවදානය යොමුකරමින් විමර්ශන ආරම්භ කර තිබේ..