නේපාලයේ ගුවන් යානයක් පුද්ගලයින් 22ක් සමග අතුරුදන්

පුද්ගලයින් 22 දෙනෙකු රැගත් නේපාලයේ ගුවන් යානයක් අතුරුදන් වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අතුරුදහන් වී ඇති 22 දෙනාගෙන් නේපාල ජාතිකයන්, ඉන්දියානුවන් සහ ජපාන ජාතිකයින් ඇතුළු ගුවන් යානයේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් ද බවද එම වාර්තා සඳහන් කළේ ය

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම ගුවන් යානය නේපාලයේ පෞද්ගලික ගුවන් සමාගමකට අයත් එකක් බවය.

ගුවන් යානය Pokhara නගරයේ සිට මධ්‍යම නේපාලයේ ජනප්‍රිය සංචාරක නගරයක් වන Jomsom දක්වා පියාසර කරමින් තිබුණි. අතුරුදන් වූ ගුවන් යානය සෙවීම සඳහා නේපාල හමුදාවද යොදවා ඇති බව එම වැඩිදුරටත් සඳහන් කළේය.

Werzuo Digital

Leave a Reply