බණ්ඩාරගම අටුළුගම ප්රදේශයේ දී ඊයේ (27) පෙරවරුවේ අතුරුදහන්ව වූ දැරියගේ මළසිරුරු මීට සුළු මොහොතකට පෙර අටුළුගම ප්රදේශයේ වෙල්යායක් ආසන්නයේ තිබී සොයා ගත් බව පොලිසිය පවසයි.
බණ්ඩාරගම අටුළුගම මහ පල්ලිය ඉදිරිපිට පදිංචිව සිටී අටුළුගම අල්ගස්සාලි විදුහලේ 4 වසරේ ඉගෙනුම ලබන ෆාතිමා ආයිෂා නමැති නව හැවිරිදි දැරියගේ සිරුර මෙසේ සොයාගෙන ඇතැයි පොලිසිය සදහන් කලේය
නිවසට මීටර් 200 ක පමණ දුරකින් පිහිටි වෙළද සැලකට ඊයේ (27) පෙරවරුවේ පමණකුකුල්මස් රැගෙන ඒමට ගොස් සිටියදී අතුරුදහන්ව තිබුණි .
මෙම දැරියගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි ලැබීමත් සමග ඇය සොයා පොලිස් කණ්ඩායම් කිහිපයක් මේ විමර්ශන ආරම්භ කර තිබුණා.