ගුවන් යානා සඳහා ප්‍රමාදයකින් තොරව ඉන්ධන

ගුවන් යානා ඉන්ධන සීමිත බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් වරාය නාවක හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා සහ ගුවන් සේවා අධිකාරියේ කලමණාකාරීත්ව එක්ව සාකච්ඡා පවත්වා තිබේ.

දැනට පවතින ඉන්ධන තොග දින 6ක් සඳහා පමණක් ප්‍රමාණවත් බව එහිදී නිලධාරීන් අමාත්‍යවරයා වෙත පවසා ඇත

මේ වනවිට දිවයිනට ඉන්ධන නෞකාවක් පැමිණ ඇති බවත් ඉදිරි දින 4 තුළ එම ඉන්ධන පිරිපහදු කිරීම තුළින් අවශ්‍ය ගුවන් යානා ඉන්ධන ප්‍රමාදයකින් තොරව නිකුත් කිරීමේ හැකියාව පවතින බව අමාත්‍යවරයා පවසා ඇත..

ඒ අනුව එයින් 60%ක් දේශීය ගුවන් යානා සඳහාද 40%ක් විදේශීය ගුවන් යානා සඳහාද ලබා දීමට හැකි බව ඔහු ප්‍රකාශ කර ඇත

එබැවින් ගුවන් යානා ඉන්ධන සම්බන්ධයෙන් කිසිදු සැකයක් ඇති කරගත යුතු නොමැති බවත් ඉදිරියේදී ප්‍රමාණවත් ඉන්ධන කිසිදු බාධාවකින් තොරව ඛනිජ තෙල් සංස්ථාව මගින් ගුවන් සේවා අධිකාරියට ලබා දීමට හැකි බවත් අමාත්‍යවරයා සදහන් කර තිබ..

Werzuo Digital

Leave a Reply