ගාල්ලේ දී ලක්ෂ 70ක රන් භාණ්ඩ සොරකම් කල විදේශීකයන් දෙදෙනා එදිනම රටින් පැනලා

ගාල්ල කළුවැල්ල ස්වර්ණාභරණ වෙළඳ සලකට රන් ආභරණ ගැනිමේ මුවාවෙන් පැමිණ  රුපියල් හැත්තෑ ලක්ෂයකට අධික රන් මාල තොගයක් සොරකම් කරගෙන ගොස් ඇති විදේශිකයින් දෙදෙනා එදිනම (24) සවස කටුනායක ගුවන් තොටුපලින් සිංගප්පුරුව බලා ගොස් ඇති බවට පරික්ෂණවලදි අනාවරණයවි ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.

රන් ආභරණ ගැනිමට බව පවසා විදේශිකයින් දෙදෙනා ඉකුත් 24වනදින පෙරවරුවේ වෙළඳ සලට පැමිණ පරික්ෂා කර බලමින් සිට ආභරණ සඟවා බෑගයක දමාගෙන ඔවුන් විසින් ගෙන එන ලද ව්‍යාජ රන් ආභරණ සහිත බෑගය මේසය උඩ තබා පසුව එන බව පවසා පිටවගොස් ඇති අතර වෙළඳ සල් හිමියා CCTV කැමරා බලන විට විදේශිකයින් දෙදෙනා ආභරණ සඟවා ගන්නා අයුරු දැක ඇත.

ඉන් පසුව වෙළඳසල් හිමියා පොලිසියට පැමිණ පැමිණිලි කර ඇති අතර සැකකාර විදේශිකයින් දෙදෙනා හඳුනා ගැනිම සඳහා ඔවුන්ගේ ඡායාරුප මාධ්‍යට මුදා හැරිමට ද පියවර ගන්නා ලදි.

මේ සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යනු ලබයි

රන් භාණ්ඩ සොරකම පිළිබඳව පලකල පෙර පුවත 👇

https://galletimes.lk/2022/05/25/2700/
Werzuo Digital

Leave a Reply