පසුගිය සතිය වනවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 82ක් ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අධි අවදානම් කලාප ලෙස නම් කර ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
බද්දේගම, බළපිටිය, හබරාදුව, වැලිගම, කින්නියා, වවුනතිවු, ඔඩ්ඩමාවඩි ඇතුළු ප්‍රදේශ රැසක් මෙසේ අධි අවදානම් කලාප ලෙස නම් කර තිබේ.
ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 2,930ක්ද, කළුතර දිස්ත්‍රික්කයෙන් 2,104ක්ද ගාල්ල දිස්ත්‍රික්කයෙන් 1,415ක්ද, මහනුවර දිස්ත්‍රික්කයෙන් 1058ක්ද, පුත්තලම දිස්ත්‍රික්කයෙන් 1075ක්ද ඇතුළු අනෙකුත් දිස්ත්‍රික්කයන්ගෙන්ද මේ හා සමාන රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවද ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කර තිබේ.
එමෙන්ම වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 21,484ක් වාර්තා වී ඇති අතර වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ රෝගීන් 4,803ක් ලෙස කොළඹ දිස්ත්‍රික්කයෙන් බව එම නිවේදනයෙහි දක්වා ඇත.