ගිනි තැබීම්වලට වන්දි දීමේදී ඒවා උපයාගත් හැටිත් සොයන ලෙස යෝජනාවක්

පසුගියදා සිදුකළ ගිනි තැබීම් හා අලාභහානිවලට ලක්වූ නිවාස, ගොඩනැඟිලි හා දේපළවලට වන්දි ගෙවීමේදී එම දේපළ උපයාගත් අන්දම තහවුරු කිරීමේ නිර්නායක සහිත ක්‍රමවේදයක් සකස් කළ යුතු යැයි මූල්‍ය උපදේශකවරයෙක් වන වරලත් ගණකාධිකාරී ප්‍රශාන්ත අබේකෝන් මහතා ප්‍රකාශ කර ඇත

විශේෂයෙන් ආදායම් බදු ගෙවා ඇති ගොනු, වත්කම් බැරකම් ප්‍රකාශන, ව්‍යාපාර ඇත්නම් ඒවායේ වාර්ෂික ගිණුම් වාර්තාද, රක්ෂණ පිළිබඳ තොරතුරුද ඉදිරිපත් කිරීම අනිවාර්යය කෙරෙන වැඩපිළිවෙළක් අවශ්‍ය යැයිද ඔහු සඳහන් කළේය.

ගිනි තැබූ හා විනාශ කළ දේපළවලින් අති බහුතරය මැති ඇමැතිවරුන් හා දේශපාලනඥයන් සතුවන අතර ඔවුන් අතරින් කිසිවකු හෝ සතුව හෙළි නොකළ වත්කම් තිබුණි නම් ඒවාට වන්දි ගෙවීම තුළින් ‘කළු සල්ලි සුදු වීමට’ ඉඩකඩක් ඇතැයිද ඔහු පෙන්වා දුන්නේය.

එවැනි ඉඩකඩක් කිසිසේත්ම ඇති විය යුතු නැතැයි කී ඒ මහතා වන්දි ගෙවීම් කටයුතුවල මූලික අංගයක් ලෙස මෙකී නිර්නායක සකස් කිරීම සිදුවිය යුතු යැයිද කීය.

අබේකෝන් මහතා මේ අදහස් පළ කළේ ශ්‍රී  ලංකා පදනම් ආයතනයේ ඊයේ (25දා) පැවැති මාර්තු 12 ව්‍යාපාරයේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. 

මව්බිම

Werzuo Digital

Leave a Reply