මෙම වසරේ ගතවු මාස 05 තුල ගාල්ල දිස්ත්‍රික්කයෙන් මි උණ මරණ තුනක් සහ රෝගින් 146ක් වාර් තා වි ඇති බවත් එය මේ වනවිට දකුණු පළාතෙන් වාර්තාවි ඇති වැඩිම මි උණ රෝගින් සංඛ්‍යාව බවත් ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.
මෙම රෝගින් 146න්ද වැඩි පිරිස ඇල්පිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් වාර්තාවි ඇති අතර එම සංඛ්‍යාව 34කි.එයට අමතරව අක්මීමණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් රෝගින් 24ක්ද කරන්දෙණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් රෝගින් 15ක්ද වාර් තාවි ඇත.
ගතවු කාලය තුල ලංකාවේ වැඩිම මී උණ රෝගින් වාර්තා වි ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි. එයට පසු වැඩිම රෝගින් වාර්තාවි ඇත්තේ කෑගල්ල සහ ගාල්ල දිස්ත්‍රික්කයෙනි.
විශේෂයෙන්ම කුඹුරු ගොවිතැන් කිරිම සඳහා කුඹුරට බැසිමට පෙර මී උණ රෝගය සඳහා ප්‍රතිජිවක ඖෂධ ලබා ගන්නා ලෙස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය ජනතාවගෙන් ඉල්ලා සිටි.