ඉකුත් දෙදින තුල පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් අද (02) පස්වරුව වනවිට ගාල්ල දිස්ත්‍රික්කයේ එක් අයෙකු අතුරුදහන්ව 307 දෙනෙකු පිඩාවට පත්ව ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
වැලිවිටිය දිවිතුර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පුද්ගලයෙකු මෙසේ අතුරුදහන්ව ඇති ඇති අතර නෙළුව, හබරාදුව, අක්මිමණ, වැලිවිටිය දිවිතුර, ඇල්පිටිය, කරන්දෙණිය ආදි ප්‍රදේශවල පවුල් 96කට අයත් සාමාජිකයින් 307දෙනෙකු පිඩාවට පත්ව ඇත.
අද සවස් වනවිටත් ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක පහත්බිම් සහ මාර්ග ජලයෙන් යටවි තිබින.
ඊයේ දවස පුරා ගාල්ල දිස්ත්‍රික්කයට ධාරාණිපාත වර්ෂාවක් පැවති අතර අද ධාරාණිපාත වැසි නොලැබුනත් දැඩි සුළං තත්වයක් පැවතින.
ගාල්ල දිස්ත්‍රික් ශාන්ත විරසිංහ මහතා පැවසුවේ ආපදාවට පත්ව සිටින පවුල් සඳහා අවශ්‍ය සහන සැළසිම සඳහා කඩිනම් පියවර ගෙන ඇති බවය.