ගාල්ල – උඩුගම ප්රධාන මාර්ගයේ හියාරේ මංසන්ධිය ආසන්නයේදී ඊයේ (24) රාත්රියේ ත්රිරෝද රථයක් සහ මෝටර් රථයක් ගැටී සිදුවූ අනතුරකින් අඹුසැමි යුවළක් මියගොස් තිබේ
මෙම අනතුරින් 15 හැවිරිදි පාසල් දරුවෙකු සහ කාන්තාවක්ද බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත.
බූස්සේ සිටින සිය දියණියගේ නිවසේ පැවති අලුත් අවුරුදු සාදයකට සහභාගිවී ත්රිරෝද රථයෙන් නැවත පැමිණෙමින් සිටියදී මෙම අනතුරට මුහුණදී තිබේ
මියගිය පුද්ගලයින් අක්මීමන – අමල්ගම ප්රදේශයේ පදිංචිකරුවන් වන අතර, මෝටර් රථයේ රියදුරා අක්මීමන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ