ලොව වයස්ගතම පුද්ගලයා ලෙස මෙතෙක් සැලකුණු ජපාන ජාතික කානේ ටනාකා නමැති කාන්තාව වයස අවුරුදු 119ක්ව සිටියදී අද (25) මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
1903 වසරේ ජනවාරි 2 වන දා නිරිතදිග ජපානයේ ෆුකෝකා ප්‍රදේශයේ ඇය උපත ලබා ඇත
මිය යන තුරුම යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වූ ඇය දාදු ක්‍රීඩා, ගණිත ගැටලු විසඳීමට මෙන්ම සෝඩා සහ චොක්ලට් පානයට ප්‍රියත්වයක් දැක්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා වල සඳහන්.
මීට 100 වසරකට පෙර විවාහ වූ ඇයට දරුවන් 4 දෙනෙකු සිටි අතර තවත් දරුවෙකු හදා වඩාගෙන තිබෙන බවද එම වාර්තා සදහන් කලේය