බලු-පූස් පොරයක් දුර දිග ගොස් නිවාස දෙකක අය කපා කොටා ගනිති

නිවෙස් දෙකක වෙසෙන බල්ලකු සහ පූසකු අතර ඇති වූ පොර කෑමක් දුරදිග ගොස් ඥාති පවුල් දෙකක පිරිසක් අතින් පයින් හා මන්නා පිහිවලින් එකිනෙකාට පහර දී ගැනීමෙන් බරපතළ තුවාල ලැබූ කන්දකැටිය ප්‍රදේශයේ කාන්තාවක් ඇතුළු දෙදෙනකු පෙරේදා (23) කන්දකැටිය රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.

සිද්ධියෙන් රෝහල් ගත කර ඇත්තේ කන්දකැටිය, බුද්දංකෝට්ට හැවන්දාන ගම්මානයේ පදිංචි අවුරුදු 44ක් සහ 47ක් වයසැති කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙකි.

නිවෙස් දෙකට අයත් බල්ලකු හා බළලකු අතර ඇතිවූ හබයක් ආරවුලක් දක්වා දුර දිග යෑමෙන් මෙම ගැටුම ඇතිවූ බව මූලික විමර්ශනවලදී පොලිසිය අනාවරණය කරගෙන ඇත.

පහරදීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනීමට සිටින පිරිස පොලිසිය මඟ හරිමින් සිටීම නිසා මෙතෙක් සැකකරුවන් කිසිවකුත් අත්අඩංගුවට ගෙන නොමැත. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පරික්ෂණ ඇතැයි කන්දකැටිය පොලිසිය පවසයි

මව්බිම

Werzuo Digital

Leave a Reply