සබන් මිල සියයට 100 කටත් වැඩි ප්‍රමාණයකින් ඉහළ දැමීමට සබන් ආනයනික සමාගම් කටයුතු කර තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකාවේ වැඩිම ජනප්‍රිය සබන් වර්ගයක් වන
රුපියල් 70 ක් පැවැති ග්‍රෑම් 115 රෙදි සෝදන වර්ගයේ සබන් කැටයක් රුපියල් 135 ක් දක්වා ද,
රුපියල් 74 ක්ව පැවති බේබි වර්ගයේ කෑල්ලක් රුපියල් 175 ක් දක්වා ද,
රුපියල් 75 ක් පැවැති සුවඳ සබන් කැටයක් රුපියල් 145 දක්වා ද,
ඉහළ දැමීමට පියවර ගෙන තිබෙන බව වාර්තාවේ..
මෙම මිල ඉහළ දැමීමත් සමග සබන් කුඩු සහ සබන් දියර ආදී සබන් ආශ්‍රිත සියලුම නිෂ්පාදනවල මිල සියයට 100 කටත් වැඩි ප්‍රමාණයකින් ඉහළ දැමීමට කටයුතු කර ඇත