ජම්බු ගෙඩියක් උගුරේ සිරවීමෙන් වයස අවුරුදු 08 ක දැරියක් අද (23) දහවල් මියගොස් ඇති බව වාරියපොල රෝහල පවසයි..
මෙසේ මියගොස් ඇත්තේ නාරම්මල දංගොල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 08 හැවිරිදි දැරියකි.
සිය මව සමග සීයා බැලීමට වාරියපොල හම්මාලිය ප්‍රදේශයට පැමිණ සිටි අවස්ථාවේ මෙම ඛේදවාචකය සිදුවී ඇත.
තවත් ළමුන් කීපදෙනකු සමග ජම්බු කමින් මිදුලේ සෙල්ලම් සිටියදී දරුවාගේ උගුරේ ජම්බු ගෙඩියක් සිරවී ඇති බව වාර්තාවේ. ඉක්මණින් දරුවා රෝහල වෙත රැගෙන ආවත් ඒ වන විටත් දරුවා මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයකු ප්‍රකාශ කර ඇත