මම සුපුරුදු සුවෙන් – අගමැති මහින්ද රාජපක්ෂ

තමන් සුපුරුදු සුවයෙන් සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කර ඇත.

අගමැතිවරයා රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධානාත්මක කණ්ඩායමක් විසින් ගෙන යන අසත්‍ය ප්‍රචාරය සම්බන්ධයෙන් අදහස් දක්වමිනුයි ඔහු මේ බව සදහන් කර ඇත.

රෝගියෙකු බැලීමට හෝ මේ දිනවල තමන් රෝහලකට නොගිය බවයි නිවේදනයක් නිකුත් කරමින් අගමැතිවරයා ප්‍රකාශ කළේ.

ඒ අනුව අසනීප තත්ත්වයකින් අගමැතිවරයා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බවට ගෙන යන ප්‍රචාරය අසත්‍ය බව එම නිවේදනය මගින් වැඩිදුරටත් සඳහන් කර තිබේ..

Werzuo Digital

Leave a Reply