මුහුණු ආවරණ ගැන ගත් තීරණය ඉවත් කරගන්න – විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය

මහජනතාව එක්‍ රැස් වන පොදු ස්ථානවල මුහුණු ආවරණ පැළඳීම අවශ්‍ය නොවන බවට ගෙන ඇති තීරණය ඉවත් කරන්නැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කර ඇත.

මෙරටින් වාර්තා වන කොවිඩ් රෝගීන් සංඛ්‍යාව අඩුවී ඇතත්, ලොව සෙසු රටවලින් තවමත් කොරෝනා නව ප්‍රභේද වාර්තා වන නිසා එම රෝගයෙන් ආරක්ෂාවීමට මහජනතාවට තවදුරටත් උපදෙස් දිය යුතු බව එම සංගමය පවසයි.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතාගේ සහ ලේකම් විශේෂඥ වෛද්‍ය කේ.ඥාණසේකරම් මහතාගේ අත්සනින් නිකුත් කර ඇති නිවේදනයේ මේ බව සදහන්වේ..

Werzuo Digital

Leave a Reply