ප්‍රියන්ත කුමාර ඝාතනයේ වරදකරුවන් 06 දෙනෙකුට මරණ දඬුවම

පාකිස්ථානයේ සියල්කොට්හි දී ලාංකික පුරවැසියෙකු වූ ප්‍රියන්ත කුමාර මහතා අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධියේ වරදකරුවන් වු 06 දෙනෙකුට මරණ දඬුවම නියම කිරීමට ලාහෝර් හි ත්‍රස්ත විරෝධී අධිකරණය නියෝග කර ඇති බව පකිස්ථාන මාධ්‍ය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

සිද්ධියට සම්බන්ධ තවත් වරදකරුවන් 07 දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර සැකකරුවන්වරදකරුවන් 76 දෙනෙකුට වසර 2 ක සිරදඬුවම් පමුණුවා ඇත.

දිනපතා විභාගයට ගත් නඩුවේ පැමිණිලිකාර පාර්ශවය සහ විත්තිකාර පාර්ශවය තමන්ගේ තර්ක ඉදිරිපත් කර අවසන් කර නිලධාරීන්ගේ සහ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ ද සටහන් කර අවසන් කරමින් මෙම නඩු තීන්දුව ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේය

2021 වසරේ ප්‍රියන්ත කුමාර මහතා (48)  පකිස්තානයේ සියල්කොට් නුවරදී අමානුෂික ලෙස ඝාතනය විය. නඩු විභාගය නතාෂා නසීම් විනිසුරුවරිය යටතේ විභාග වූ අතර එහිදී ඇසින් දුටු සාක්ෂිකරුවන් 46 දෙනෙක්ගෙන් ප්‍රකාශ, CCTV කැමරා 10 ක දර්ශන, චුදිතයන් 55 දෙනෙකු ගේ ජංගම කැමරා වල ගබඩා වී ඇති දර්ශන අධිකරණය විසින් ලබා ගෙන ඇත.

Werzuo Digital

Leave a Reply