මුලතිව්, ඔඩ්ඩුසුඩාන් පොලිස් වසමට අයත් අම්බාල්කුලම් වැවේ මිනුම් කටයුත්තක් සිදුකරමින් සිටියදී ඔරුවක් පෙරළී යෑම හේතුවෙන් මිනින්දෝරු තරුණයකු පෙරේදා (05) දියේ ගිලීමෙන් මිය ගොස් ඇති බවට පොලිසිය පවසයි. මිය ගිය තරුණයා සමඟ සිවු දෙනකු ඔරුවක නැඟී අම්බාල්කුලම් වැවේ මැනුම් කටයුත්තක් සිදුකරමින් සිටියදී එකවරම ඔරුව පෙරළී ඇති අතර එහිදී එක් තරුණයකු දියේ ගිලී ඇති අතර අනෙක් තරුණයන් තිදෙනා පිහිනා ගොඩට පැමිණ තිබිණි.
අනතුරුව යුදහමුදාවේ සහ ප්‍රදේශවාසීන්ගේද සහාය ඇතිව දියේ ගිලුණු තරුණයාගේ සිරුරු පෙරේදා සවස් කාලයේ සොයාගෙන තිබූ අතර තරුණයා ජලයට වැටී පසුව මඩේ එරීමෙන් දියේ ගිලී ඇති බවට ප්‍රදේශවාසීහු පවසා සිටියහ.
මිය ගිය තරුණයා මිනින්දොරු දෙපාර්තමේන්තුවේ තාවකාලික පදනම මත සේවය කොට ඇති අතරම ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයෙන් යොවුන් පාර්ලිමේන්තුවටද තේරීපත් වූ අයෙකි.
මෙලෙස දියේ ගිලීමෙන් මරුමුවට පත්ව ඇත්තේ ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි නමාසිවායම් ඩිලක්ෂන් නැමති තරුණයා වන අතර ඔඩ්ඩුසුඩාන් පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.
මව්බිම