ගාල්ල මානවිල උපනන්ද විදුහලේ ආදර්ශමත් ක්‍රියාවක්

ලබන මැයි මස පැවැත්වෙන 2021 සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටින සිසුන්ට උපකාරක පංතිවලට යාමට අවශ්‍ය නොවන පරිදි  පස්වරුවේද පංති පවත්වා විෂය නිර්දේශ ආවරණය කිරිමට ගාල්ල මානවිල උපනන්ද විදුහලේ විදුහල්පතිවරයා සහ ගුරු මණ්ඩලය කැපවිමෙන් පියවර ගෙන ඇත.

විභාගයට පෙනි සිටින සියලුම සිසුන් සඳහා සවස 2.00 සිට සවස 5.00 දක්වා පංති කාමරය තුලදිම මෙසේ අමතර පංති පැවැත්වේ. මේ නිසා එම සිසුනට උපකාරක පංතිවලට යාමේ අවශ්‍යතාවක් මතුව නැත.

පස්වරුවේද පංති පැවැත්විම පිළිබඳ  විදුහල්පති ආරියරත්න දොලමුල්ල මහතා  මෙසේ කරුණු පැහැදිලි කලේය.

”පසුගිය දෙසැමිබර් මාසයේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටිමට සිටි දරුවන්ට පාඩුවක් උනා. විෂය නිර්දේශ ආවරණය උනේ නැහැ.එනිසා මම ගුරු මණ්ඩලය සමග සාකච්ඡාකොට සවස් වරුවෙද පංති පවත්වා සියලුම විෂය නිර්දේශ ආවරණය කිරිමට තීරණය කලා. ගුරු මණ්ඩලයද එයට කැමති උනා. දැන් අපි සවස දෙකේ ඉඳල සවස පහ දක්වා විභාගයට පෙනි සිටින දරුවන්ට පංති පවත්වනවා”

“සාමාන්‍ය පෙළ විතරක් නොව උසස් පෙළ විභාගයට පෙනි සිටින දරුවන්ටත් මේ විදියටම සවස පංති පවත්වනවා. දැන් ඒ දරුවන්ට උපකාරක පංතිවලට යාමට අවශ්‍ය නැහැ. මේක උපකාරක පංතිවලට අභියෝගයක්. උපකාරක පංති කෙරෙහි තියෙන විශ්වාසය අපි බිඳ හෙලුවා. උපකාරක පංති නැතුව හොඳ ප්‍රතිපල ගන්න පුලුවන් කියල අපි පෙන්නල තියෙනවා.ඒ නිසා මේක අනෙක් සියලුම පාසල්වලටත් හොඳ ආදර්ශයක් කියල මම හිතනවා.”

Werzuo Digital

Leave a Reply