දකුණු මුහුදේ දී හෙරොයින් කිලෝ 250ක් සමඟ විදේශීය ධීවර යාත්‍රාවක් අත් අඩංගුවට (PHOTOS)

ජාත්‍යන්තර මුහුදේ ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමක්‍ මඟින් මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් තිබූ තවත් විදේශීය ධීවර යාත්‍රාවක් විදෙස් සැකකරුවන් 06 දෙනෙකු සමඟ අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා නාවික හමුදාව පැවසිය 

නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරක් මත පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යංශය හා එක්ව නාවික හමුදාව විසින් ශ්‍රී ලංකාවට නාවික සැතපුම් 900ක් (කිලෝ මීටර් 1665ක් පමණ) දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ සිදුකල විශේෂ මෙහෙයුමකදී අත්අඩංගුවට ගන්නා ලද එම මත්ද්‍රව්‍ය රැගත් විදේශීය ධීවර යාත්‍රාව සහ එම යාත්‍රාවේ සිටි විදෙස් ජාතික සැකකරුවන් 06 දෙනා මේ වන විට ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවක ආරක්‍ෂාව යටතේ ගොඩබිම වෙත රැගෙන එමින් පවතීන බව ද නාවික හමුදාව පැවසිය 

අත්අඩංගුවට ගත් උර නවය (09)ක් තුළ පැකට් 225 ක් ලෙස අසුරන ලද මෙම මත් ද්‍රව්‍ය තොගයේ බර කිලෝග්‍රෑම් 250ක් පමණ තිබි ඇති අතර ඉදිරි දින කිහිපය තුළදී ගොඩබිම වෙත රැගෙන ඒමෙන් පසු මෙම මත්ද්‍රව්‍ය රැගත් සැකකටයුතු විදේශීය ධීවර යාත්‍රාව සහ විදේස් ජාතික සැකකරුවන් 06 දෙනා පිළිබඳ ඉදිරි විමර්ශන හා නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දීමට නියමිතව ඇත.

(ශ්‍රි ලංකා නාවික හමුදාව)

Werzuo Digital

Leave a Reply