ජිවිත කාලයේ එක් වරක් පමණ දකින වල්ගා තරුවක් හෙට 2021-12-12


පුද්ගලයෙකුට ජීවිත කාලය තුළ එක්වරක් පමණක් දැක ගත හැකි තරම් ඉතා කලාතුරකින් දිස්වන වල්ගා තරුවක් හෙට (12) පියවි ඇසින් දැක බලා ගත හැකි බව තාරකා විද්‍යාඥයන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කලේය..
C–2021–A–1 ලෙස හැඳින්වෙන මෙම වල්ගා තරුව ලෙනාඩ් ලෙස නම් කර තිබේ. ඒ ඇමෙරිකානු තාරකා විද්‍යා පර්යේෂකයෙකු වූ ග්‍රෙග් ලෙනාඩ්ට ගරු කිරීමක් වශයෙනි. 
ලෙනාඩ් වල්ගා තරුව හෙට උදෑසන කාලයේ කැනඩාව ඇතුළු උතුරු ඇමෙරිකානුවන්ට පියවි ඇසින් දැක බලා ගත හැකි බවත්, ලොව අනෙකුත් රටවලට හෙට ඉර බැස යාමෙන් අනතුරුව එය දිස්වන බවත් තාරකා විද්‍යාඥයෝ උපුටා දක්වමින් එම වාර්තා සදහන් කලේය 

Werzuo Digital

One thought on “ජිවිත කාලයේ එක් වරක් පමණ දකින වල්ගා තරුවක් හෙට 2021-12-12

Leave a Reply