කෙසෙල් ගෙඩි කැබැල්ලක් උගුරේ හිරවි මාස 11ක් වයසැති බිළිඳෙකු මියගිය අවාසනාවන්ත පුවතක් අද (12) අහංගම ප්‍රදේශයෙන් වාර්තාවේ..
මෙසේ මියගොස් ඇත්තේ ගාල්ල, අහංගම ඇද්දුන්කැලේ පදිංචි මාස 11ක පිරිමි දරුවෙකි.
කෙසෙල් ගෙඩි කැබැල්ල හිරවිමෙන් පසු දරුවා අහංගම ග්‍රාමිය රෝහලට ගෙන ගොස් ඇති අතර එහිදි වෛද්‍යවරුන් පවසා ඇත්තේ දරුවා මියගොස් ඇති බවය. පසුව පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්විම සඳහා මළ සිරුර කරාපිටිය රෝහල වෙත ගෙන ගොස් ඇත..