දුම්රිය හරස් මාර්ග 600 අනාරක්ෂිතයි


දුම්රිය හරස් මාර්ග 600 කට ආසන්න ප්‍රමාණයක් අනාරක්ෂිත තත්ත්වය පවතින නිසා ජනතාවගේ ආරක්ෂාව සඳහා කඩිනමින් මෙම ස්ථාන වලට ආරක්ෂිත ගේට්ටු සවි කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි

අනාරක්ෂිත තත්ත්වය පවතින දුම්රිය හරස් මාර්ග වලින් ස්ථාන 400කට ආසන්න ප්‍රමාණය පවතින්නේ උණ බම්බු ගේට්ටු බවත් දුම්රිය මාර්ග හරහා ගමන් කරන ජනතාවට ආරක්ෂාව සැලසීම දුම්රිය දෙපාර්තමේන්තුවේ වගකීම නිසා උණ බම්බු ගේට්ටු තුළින් ආරක්ෂාව සැලසීමට නොහැකි බවත් එම සංගමයේ සම කැඳවුම්කරු එස්.පී විතානගේ මහතා පැවසීය.

2015 වසර වලදී දු දී දුම්රිය හරස් මාර්ග වල ජනතාව ආරක්ෂා කිරීමට බව පවසමින් ස්ථාන 200 බෙල් එක හා සංඥා නිකුත් කරන පද්ධති සවි කිරිම සිදු කළ බවත් ඒ සඳහා එක් ස්ථානයක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 40 ක මුදලක් වියදම් කර තිබුණ බවත් ඒ මහතා පවසා සිටියේය.

මෙම ක්‍රම ඉතාමත් අසාර්ථක ක්‍රමයක් බවත් අදාළ පුවරු ස්ථාන 200ට සවි කිරීම සදහා අදාල ආයතනය විසින් දෙපාර්තමේන්තුව මුදල් ලබාගෙන තිබුණද ස්ථාන 200ටම අදාල සවි කිරීම සිදු නොකළ බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

රත්ගම ප්‍රදේශයේ දී පෙරේදා ත්‍රිරෝද ත්‍රිරෝද රථ අනතුරක් සිදු වූයේත් මේ ආකාරයෙන් පද්ධතියක් සහිත ස්ථානයක දී බවත් මේ නිසා මෙම පද්ධතිය සහිත ස්ථාන වලට හා අනාරක්ෂිත ස්ථාන සියල්ලටම බෙල්ලෙ එක සංඥා නිකුත් කරන උපකරණ සහිත ගේට්ටු සවි කළ යුතු බවත් ඔහු පැවසීය.

බෙල්  එක හා සංඥා නිකුත් කරන පද්ධති සවි කිරීම සඳහා එක පද්ධතියක් වෙනුවෙන් අදාල සමාගම රුපියල් ලක්ෂ හතළිහක් 2014 වසරේදී අය කළ ද දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් බෙල්ලෙ එක හා සංඥා නිකුත් කරන උපකරණ සහිත ගේට්ටුවක් රුපියල් ලක්ෂ 15කට අදාල කාලයේදීම නිපද වූ බවද ඒ මහතා පැවසීය.

වර්තමානයේ දී බෙල් එක හා සංඥා නිකුත් කරන උපකරණ සහිත ගේට්ටුවක් රුපියල් ලක්ෂ විස්සකට සකස් කළ හැකි බවත් මේ අනුව ස්ථාන 600 ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය වන්නේ රුපියල් 1200 ක් වැනි මුදලක් බවක් පවසා සිටි මහතා  දෙපාර්තමේන්තුව මීට වඩා මුදල් කාබාසිනියා කර දමන බවද වැඩිදුරටත් පවසා සිටියේය..


අද
Werzuo Digital

Leave a Reply