තංගල්ල කොස්තාපල් ඝාතන සැකකරුවන්ගේ නිවෙස්වලට ගිනි තබයි

තංගල්ල විතාරන්දෙනියේදි පසුගිය 16 වනදා රාත්‍රී පොලිස් කොස්තාපල්වරයකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන ප්‍රධාන සැකකරුට අයත් බව කියන ඉදිකරමින් යන හෝටල් ගොඩනැගිල්ලට හා සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන කාන්තාවගේ නිවසට කිසියම් පිරිසක් ගිණි තබා ඇතැයි තංගල්ල පොලීසිය පවසයි..

ගින්නෙන් ප්‍රධාන සැකකරුගේ හෝටලයේ බිම් මහලට හා දොර ජනෙල් වලට හානි වී තිබූ අතර ශීතකරණයද ගින්නට හසුව තිබේ. සැකකාර කාන්තව ජීවත්වු නිවසේ වහලයේ කොටසක් ගිණ්නට හසුව විනාශ වී තිබුණු අතර ගින්න නිවාසය ඇතුළටද පැතිරී ගොස් ඇති බව පොලිසිය පවසයි.

පොලිස් නිලධාරියාගේ ඝාතනයට මේ වන විට කාන්තාවක් ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් සැකකරුවන් 12 දෙනෙකු සොයා පොලිසිය විමර්ශන සිදුකරනු ලබයි.

Werzuo Digital

Leave a Reply