වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් කරාපිටිය සහ මහමෝදර රෝහල්වල සායනවලට පැමිණෙන කාන්තාවන්ගේ රන් ආභරණ සොරකම් කිරිම සම්බන්ධ නඩු අටකට වරදකරුවු විත්තිකරුවෙකුට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා එක් නඩුවකට මාස හය බැගින් බරපතළ වැඩ සහිත සිර දඩුවම්ද සැකකරු විසින් සොරකම් කරන ලද රන් ආභරණ විකුණා තිබියදි ඒවා පොලිසිය මගින් අත් අඩංගුවට ගැනිම නිසා සිදුවු පාඩුව වෙනුවෙන් මහනුවර රජ වීදීයේ ස්වර්ණාභරණ වෙළඳසල් හිමියාට රුපියල් 6,75,000ක වන්දියක් ගෙවිමටද නියෝග කලේය.
වන්දි නොගෙවන්නේ එක් නඩුවකට මාස හය බැගින් තවත් මාස 48ක සිර දඩුවම්ද විත්තිකරුට නියම විය.
මෙසේ දඩුවම් නියමවුයේ හෝමාගම පදිංචි 32 හැවිරිදි විත්තිකරුවෙකුටය.
පසුගිය 2020 වසරේ ඔක්තෝබර් 10 වන දින සැමියාට ප්‍රතිකාර ගැනිම සඳහා කරාපිටිය රෝහලේ වකුගඩු සායනයට පැමිණි කාන්තාවක් රවටා ඇයගේ රුපියල් තුන් ලක්ෂ විසිපන් දහසක් පමණ වටිනා රන් ආභරණ සොරකම් කිරිම සම්බන්ධයෙන් ලැබුන පැමිණිල්ල අනුව ක්‍රියාත්මකවු පොලිසියට විත්තිකරු අත් අඩංගුවට ගැනිමට හැකිවි තිබේ.
මෙම සිද්ධියට පෙරද මෙවැනි සිද්ධින් 06ක් කරාපිටිය රෝහලෙන්ද මහමෝදර රෝහලෙන් 01ක් සිද්ධියක්ද ඇතුලු සිදධින් 08ක් ගාල්ල පොලිසියට වාර්තාවි තිබු අතර ඒවා සම්බන්ධයෙන්ද පරික්ෂණ පවත්වමින් සිටියදි මෙම සිද්ධියද වාර්තාවිමත් සමග පරික්ෂණ කඩිනම් කල පොලිසියට විත්තිකරු අත් අඩංගුවට ගැනිමට හැකිවි ඇත.
විත්තිකරු විසින් සොරකම් කරන ලද රුපියල් විසි ලක්ෂයකට අධික රන් ආභරණද නුවර රජ විදියේ ස්වර්ණාභරණ අලෙවි සලට විකුණා තිබියදි සොයාගෙන ඇත.
ගාල්ල පොලිසියේ අපරාධ අංශය විසින් පැමිණිල්ල මෙහෙයවන ලදි..