අලුතින් මහාධිකරණ විනිසුරුවරුන් 13ක් පත් වෙති

නව මහාධිකරණ විනිසුරුවරුන් 13 දෙනකුට පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

👉 දිසා විනිසුරු ඒ.ජී. අළුත්ගේ

👉 දිසා විනිසුරු ආර්.ආර්.ජේ.යු.ටී.කේ. රාජකරුණා, 

👉 මහේස්ත්‍රාත් ආර්.ඒ.ඩී.යු.එන්. රණතුංග,

👉 දිසා විනිසුරු, ටී.එම්.සී.එස්. ගුණසේකර

👉 දිසා විනිසුරු එම්. ප්‍රභාත් රණසිංහ,  

👉 ප්‍රධාන මහේස්ත්‍රාත් ආර්.එම්.එස්.බී. චන්ද්‍රසිරි, 

👉 දිසා විනිසුරු, ආර්. වැලිවත්ත 

👉 මහේස්ත්‍රාත් ජී.එල්. ප්‍රියන්ත, 

👉 දිසා විනිසුරු ඒ. නිශාන්ත පීරිස්

👉 දිසා විනිසුරු එස්.එම්.ඒ.එස්. මංචනායක

👉 දිසා විනිසුරු  එල්.චමත් මදනායක

👉 රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ  වී.එම්. වීරසූරිය    

👉 රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ එච්.ඒ.ඩී.එන්. හේවාවසම් යන මහත්වරු මෙසේ පත්වීම් ලදහ.

ජ්‍යෙෂ්ඨත්වය මත පදනම් ව නව මහාධිකරණ විනිසුරුවරුන් පත්කර තිබේ. අධිකරණයේ ස්වාධීන්තවය ආරක්ෂා කරමින් නීතියේ ආධිපත්‍යය රට තුළ තහවුරු කිරීමත් නඩු කටයුතු ප්‍රමාද වීම වැළැක්වීමත් තමා අපේක්ෂා කරන බව ජනාධිවරයා විනිසුරුවරුන් සමග සඳහන් කළේය.

Werzuo Digital

Leave a Reply