රුසියානු ආක්‍රමණය හෙළාදකින UNO මහා මණ්ඩල යෝජනාව සම්මතයි. ශ්‍රි ලංකාව ඇතුළු රටවල් 35 ජන්දය දිමෙන් වැලකෙයි

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීම හෙළාදැකීම වෙනුවෙන් ආරම්භ වු එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩල හදිසි විශේෂ සැසිවාරයේ ගෙන ආ යෝජනාවක් ඡන්ද 141කින් සම්මත විය.

කෙසේ වෙතත් එම යෝජනාවට අදාල ඡන්ද විමසීමේදී ශ්‍රි ලංකාව ඇතුලු රටවල් 35 ක් ඡන්දය ලබාදීමෙන් වැළකී සිටීම විශේෂත්වයකි. 
රුසියාව, සිරියාව, උතුරු කොරියාව, ඇතුලුව  රටවල් 5ක් යෝජනාවට එරෙහි විය
ශ්‍රි ලංකාව, ඉන්දියාව, පකිස්ථානය සහ බංග්ලාදේශය මෙහිදී ඡන්දය ලබාදීමෙන් වැළකී සිටි ආසියානු රටවල් වන අතර මාලදිවයින යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දී ඇත. 
චීනය, ඉරානය, කියුබාව ඇතුළු දකුණු ඇමරිකානු හා අප්‍රිකානු රටවල් බහුතරයක් ඡන්දය ලබාදීමෙන් වැළකී සිටියේ..

මෙම හදිසි විශේෂ මහාමණ්ඩල සැසිය කැඳවනු ලැබුවේ ජගත් ආරක්ෂක මණ්ඩල යෝජනාවක් අනුවයි.

1982 වසරෙන් පසුව මෙවැනි යෝජනාවකට මහාමණ්ඩල විශේෂ හදිසි සැසිවාරයක් කැඳවූයේ පලමු වතාවටයි.


Werzuo Digital

Leave a Reply