ශ්‍රවණාබාධවලට හේතුව Headphones බවට හෙළි වෙයි

මෙරට ශ්‍රවණාබාධවලට ලක් වූ පිරිස අතරින් බහුතරය තරුණ ප්‍රජාව බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබේ

උගුර, කන, නාසය පිළිබඳ විශේෂඥයින්ගේ විද්‍යායතනය පෙන්වා දෙන්නේ මෙම තත්ත්වයට හේතුව නිවැරදි නොවන ලෙස පෞද්ගලික ශ්‍රවණ උපකරණ හෙවත් හෙඩ් ෆෝන් භාවිතය බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම දත්තවලට අනුව පෙනී යන්නේ ලෝකයේ සමස්ත ජනගහනයෙන් සෑම 5 දෙනෙකුගෙන් එක් අයෙකුම ශ්‍රවණාබාධවලින් පෙළෙන බවයි.

මෙම ශ්‍රවණාබාධ කාණ්ඩ 2කින් සමන්විතයි.

ඒ, ප්‍රතිකාර කළ හැකි ශ්‍රවණාබාධ සහ ප්‍රතිකාර කිරීමෙන් සුව කළ නොහැකි නමුත්, ශ්‍රවණාධාරක මගින් සුව කළ හැකි ශ්‍රවණාබාධයි.

මෙරට ජනගහනයෙන් 9%ක් ශ්‍රවණාබාධවලින් පෙලෙන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

ඔවුන් අතරින් බහුතරයක් ශ්‍රවණාබාධවලට ලක්ව ඇත්තේ අධික ශබ්දය ශ්‍රවණය කිරීම හේතුවෙන්.ශබ්දයේ තීව්‍රතාව, ශබ්දය නිරාවරණය වන කාලසීමාව සහ ශබ්දය ඇසෙන වාර ගණන අනුව ශ්‍රවණාබාධ ඇතිවිය හැකි බවයි වෛද්‍යවරුන්ගේ මතයයි 

ඩෙසිබල් අගය 80ට වඩා වැඩි ශබ්ද ධාරාවන් අනාරක්ෂිත ශබ්ද වන අතර, ඩෙසිබල් අගය 60ට අඩු ශබ්ද ධාරාවන් ආරක්ෂිත ශබ්ද ධාරාවන් ලෙස සැලකේ..

දෙදෙනෙකු අතර කතාබහක දී ඩෙසිබල් අගය 60ට අඩුවෙන් පවතින බවත්, පෞද්ගලික ශ්‍රවණ උපකරණ මගින් ශ්‍රවණය කිරීමේදී එහි ඩෙසිබල් අගය 80ට වඩා වැඩියෙන් පවතින බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙයි

Werzuo Digital

Leave a Reply